සූරා 2 · ජුස් 2
Al-Baqarah · 2:191
وَاقْتُلُوهُمْ حَيْثُ ثَقِفْتُمُوهُمْ وَأَخْرِجُوهُمْ مِنْ حَيْثُ أَخْرَجُوكُمْ ۚ وَالْفِتْنَةُ أَشَدُّ مِنَ الْقَتْلِ ۚ وَلَا تُقَاتِلُوهُمْ عِنْدَ الْمَسْجِدِ الْحَرَامِ حَتَّىٰ يُقَاتِلُوكُمْ فِيهِ ۖ فَإِنْ قَاتَلُوكُمْ فَاقْتُلُوهُمْ ۗ كَذَٰلِكَ جَزَاءُ الْكَافِرِينَ
තවද නුඹලා (සටන් වදින) ඔවුන් ව දුටු තැන ඔවුන් ව මරා දමනු. ඔවුන් නුඹලාව පිටුවහල් කළ පරිදිම නුඹලා ඔවුන් ව පිටුවහල් කරනු. කලහකාරීත්වය ඝාතනයට වඩා ඉතා දුෂ්ටය. ශුද්ධ මස්ජිදය අබියස ඔවුන් නුඹලා සමඟ එහි සටන් වදින තුරු නුඹලා ඔවුන් සමඟ සටන් නොවදිනු. එසේ නුඹලා සමඟ ඔවුන් සටන් වැදුනේ නම් නුඹලා ඔවුන් ව ඝාතනය කරනු. එලෙසය දේව ප්රතික්ෂේපක යින්ගේ ප්රතිවිපාකය වනුයේ.
තෆ්සීර්
සටන් බිමෙහි ඔවුන් දුටු තැන මරා දමනු. නුඹලා කවර තැනකින් බැහැර කරනු ලැබුවේ ද එතැනින්ම නුඹලා ද ඔවුන් බැහැර කරනු. එම ස්ථානය මක්කාවයි. දෙවියන් විශ්වාස කරන්නෙකු ඔහුගේ දහමින් වළක්වා දේව ප්රතික්ෂේපය වෙත නැවත යොමු කරන්නට බලකරමින් සිදු කරන ප්රචණ්ඩත්වය මිනිසෙකු ඝාතනය කිරීමට වඩා බරපතළය. මස්ජිදුල් හරම් දේවස්ථානයට ගරු කිරීමක් වශයෙන් එහි නුඹලා සමග යුද්ධ කිරීමට ඔවුන් ආරම්භ කරන තෙක් නුඹලා ඔවුන් සමග යුද්ධ නොකරනු. එසේ ඔවුන් යුද්ධ කිරීමට ආරම්භ කළේ නම් ඔවුන් සමග නුඹලා ද යුද්ධ කරනු. මෙම ප්රතිවිපාකය මෙන් එනම් ඔවුන් මස්ජිදුල් හරාම්හි සීමාව ඉක්මවා කටයුතු කරන විට ඔවුන් ඝාතනය කිරීම හා සමානව දෙවියන් ප්රතික්ෂේප කරන්නන්ගේ ප්රතිවිපාකය වනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න