සූරා 2 · ජුස් 2

Al-Baqarah · 2:175

أُولَٰئِكَ الَّذِينَ اشْتَرَوُا الضَّلَالَةَ بِالْهُدَىٰ وَالْعَذَابَ بِالْمَغْفِرَةِ ۚ فَمَا أَصْبَرَهُمْ عَلَى النَّارِ

ඔවුහු කවරහු ද යත්, යහමඟ වෙනුවට මුළාව ද සමාව වෙනුවට දඬුවම ද මිලට ගත්තවුන්ය. එබැවින් නිරා ගින්නෙහි ඔවුන් දරා ගන්නට සලස්වනුයේ කුමක් ද?

තෆ්සීර්

ජනයාට අවශ්ය දැනුම සැඟවීමේ ඒ නපුරු ගුණාංගයෙන් වර්ණනා කරනු ලැබූවෝ ඔවුන් දැනුම වසන් කළ බැවින් යහමග වෙනුවට නොමග හුවමාරු කර ගත්තෝය. අල්ලාහ්ගේ සමාව වෙනුවට ඔවුහු ඔහුගේ දඬුවම හුවමාරු කර ගත්තෝය. නිරයට ඇතුළත් වීමට ඔවුනට හේතු වූ එම ක්රියාවේ බරපතළකම ඔවුන් දරා ගනුයේ කෙසේද? ඔවුනට දරා ගත නොහැකි එම දඬුවම ගැන ඔවුන් සැලකිලිමත් නොවන්නාක් මෙන් සිටිති.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න