සූරා 2 · ජුස් 2
Al-Baqarah · 2:174
إِنَّ الَّذِينَ يَكْتُمُونَ مَا أَنْزَلَ اللَّهُ مِنَ الْكِتَابِ وَيَشْتَرُونَ بِهِ ثَمَنًا قَلِيلًا ۙ أُولَٰئِكَ مَا يَأْكُلُونَ فِي بُطُونِهِمْ إِلَّا النَّارَ وَلَا يُكَلِّمُهُمُ اللَّهُ يَوْمَ الْقِيَامَةِ وَلَا يُزَكِّيهِمْ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ
දේව ග්රන්ථයේ අල්ලාහ් පහළ කළ දෑ කවරෙකු වසන් කර එමගින් අල්ප මිලක් ලබා ගන්නේ ද ඔවුහු තම කුස තුළ (නිරා) ගින්න මිස වෙනත් කිසිවක් අනුභව නොකරන්නෝය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් ඔවුන් සමඟ කතා නොකරයි. තවද ඔවුන් ව පිවිතුරු ද නොකරයි. තවද ඔවුනට වේදනීය දඬුවම ඇත.
තෆ්සීර්
යුදෙව්වන් හා කිතුනුවන් මෙන් අල්ලාහ් පහළ කළ පුස්තක ද ඒවායෙහි ඇති සත්යය හා මුහම්මද් තුමාණන්ගේ නබිත්වය පිළිබඳ වූ සාධක ද වසන් කොට ඒ සඳහා මිල මුදල් නිලතල හා නායකත්වය වැනි අල්ප දැයක් වෙනුවෙන් විකුණා දමන්නේද ඔවුහුමය තම කුස තුළ සත්යය ගිල දමන්නෝ. ඔවුන් නිරයේ දඬුවම් ලබන්නට එය මූලික හේතුවක් වනු ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් ඔවුන් කැමති පරිදි ඔවුන් සමග කතා නොකරයි ඔවුන් කළ නපුරුකම් අනුව කතා කරයි. ඔහු ඔවුන් පිවිතුරු නොකරයි. එමෙන්ම ඔවුන් පැසසුමට ලක් නොකරයි. ඔවුනට වේදනීය දඬුවම ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න