සූරා 2 · ජුස් 1
Al-Baqarah · 2:17
مَثَلُهُمْ كَمَثَلِ الَّذِي اسْتَوْقَدَ نَارًا فَلَمَّا أَضَاءَتْ مَا حَوْلَهُ ذَهَبَ اللَّهُ بِنُورِهِمْ وَتَرَكَهُمْ فِي ظُلُمَاتٍ لَا يُبْصِرُونَ
ඔවුන ට උපමා ව ගිනි ඇවිළ වූ කෙනෙකු මෙනි. එය ඒ අවට වූ දෑ ට ආලෝකය ලබා දුන් විට අල්ලාහ් ඔවුන් ගේ ආලෝකය ඉවත් කළේය. තව ද ඔවුන ට දැකිය නොහැකි වන පරිදි අන්ධකාරයන් හි ඔවුන් ව අත හැර දැමීය.
තෆ්සීර්
මෙම කුහකයිනට උපමා දෙකක් අල්ලාහ් මෙහි ඉදිරිපත් කොට ඇත. එකක් ගින්න හා බැඳුණු උපමාවකි අනෙක ජලය හා බැඳුණු උපමාවකි. ගින්න හා බැඳුණු ඔවුන්ගේ උපමාව වනුයේ: ආලෝකය ලබන්නට ගිනි දැල්වූ කෙනෙකු මෙනි. එහි ආලෝකය විහිද යන විට ඉන් ඵලක් ඇතැයි සිතයි. නමුත් අවසානයේ එහි ආලෝකය නිවී යයි. දැවී ගිය දෑ පමණක් ඉතිරි වෙයි. එලෙස කිසිවක් දැකිය නොහැකි අන්ධකාරයේ එහි අවට සිටි ජනයා රැඳී සිටී. ඔවුන් ඉන් කිසිදු මඟක් නොලබනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න