සූරා 2 · ජුස් 2

Al-Baqarah · 2:155

وَلَنَبْلُوَنَّكُمْ بِشَيْءٍ مِنَ الْخَوْفِ وَالْجُوعِ وَنَقْصٍ مِنَ الْأَمْوَالِ وَالْأَنْفُسِ وَالثَّمَرَاتِ ۗ وَبَشِّرِ الصَّابِرِينَ

තවද බියෙන් හෝ සාගින්නෙන් හෝ වස්තුව, ජීවිත හා බවභෝග අඩු කරමින් හෝ යම් දෙයකින් අපි නුඹලා ව පිරික්සුමට ලක් කරන්නෙමු. (නබිවරය,) නුඹ ඉවසිලිවන්තයිනට ශුභාරංචි දන්වනු.

තෆ්සීර්

නුඹලාගේ සතුරන්ගෙන් ඇතිවන බිය සම්පත් විනාශ වී යෑමෙන් හෝ එය ලබා ගැනීමට අපොහොසත් වීමෙන් එහි ඇති වන හිඟය මිනිසුන් විනාශ කරන ආපදාවන් හෝ අල්ලාහ්ගේ මාර්ගයේ දිවි පිදීමෙන් සිදුවන ආත්ම විනාශය මහපොළොවේ හට ගන්නා බවභෝගවල හිඟය වැනි විවිධ විපත් හා පරීක්ෂණ තුළින් අපි නුඹලා පරීක්ෂණයට ලක් කරන්නෙමු. නබිවරය, මෙම පරීක්ෂණ වලට ඉවසීමෙන් මුහුණ දෙන්නන්හට මෙලොව හා මතුලොව සතුට ඇති බව ඔවුනට ශුභාරංචි දන්වා සිටින්න.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න