සූරා 2 · ජුස් 2
Al-Baqarah · 2:154
وَلَا تَقُولُوا لِمَنْ يُقْتَلُ فِي سَبِيلِ اللَّهِ أَمْوَاتٌ ۚ بَلْ أَحْيَاءٌ وَلَٰكِنْ لَا تَشْعُرُونَ
තවද අල්ලාහ්ගේ මාර්ගයේ ඝාතනය කරනු ලැබූවන්ට මළවුන් යැයි නුඹලා නොපවසනු. ඔවුන් ජීවමානය. එනමුත් නුඹලා (එ ගැන) නොහඟන්නාහුය.
තෆ්සීර්
දෙවියන් විශ්වාස කරන්නනි, අල්ලාහ්ගේ මාර්ගයේ දිවි පිදූ අය විෂයයෙහි වෙනත් අය මිය යදින්නාක් මෙන් සැබවින්ම මොවුන් ද මියගොස් ඇතැයි නුඹලා නොපවසනු. ඔහු තම පරමාධිපති අබියස ජීවත්වන්නෝ වෙති. එය සුවිශේෂී ජීවිතයක් වන බැවින් ඔවුන්ගේ ජීවිතය පිළිබඳ නුඹලාට වැටහීමක් නැත. අල්ලාහ්ගේ වහී හෙවත් ඔහුගෙන් වූ දේව පණිවිඩ මගින් මිස ඒ ගැන දැනගැනීමට වෙනත් මාධ්යයක් නැත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න