සූරා 2 · ජුස් 2
Al-Baqarah · 2:142
۞ سَيَقُولُ السُّفَهَاءُ مِنَ النَّاسِ مَا وَلَّاهُمْ عَنْ قِبْلَتِهِمُ الَّتِي كَانُوا عَلَيْهَا ۚ قُلْ لِلَّهِ الْمَشْرِقُ وَالْمَغْرِبُ ۚ يَهْدِي مَنْ يَشَاءُ إِلَىٰ صِرَاطٍ مُسْتَقِيمٍ
ඔවුන් කවර දෙයක් මත වූවෝ ද එවන් ඔවුන්ගේ කිබ්ලාවෙන් ඔවුන් ව හැර වූයේ කුමක් දැ යි ජනයා අතුරින් අඥානයෝ විමසා සිටිති. (නබිවරය) නැගෙනහිරත් බටහිරත් අල්ලාහ්ට ම සතු ය. ඔහු අභිමත කරන්නන් හට ඍජු මාර්ගය වෙත ඔහු මඟ පෙන්වනු ඇතැයි පවසනු.
තෆ්සීර්
යුදෙව්වන් අතර බුද්ධිහීන අඥාන ජනයා හා ඔවුන්ගේ ස්වරූපයට සමාන කුහකයෝ කලින් පිහිටා තිබූ බයිතුල් මුකද්දිස් නම් දිශාවෙන් වෙනත් දිශාවකට මුස්ලිම්වරුන් හැරෙව්වේ කුමක් දැ?යි විමසනු ඇත. ඔවුනට පිළිතුරු වශයෙන් නබිවරය, නුඹ මෙසේ පවසනු.: නැගෙනහිර, බටහිර හා සෙසු සියලු දිශාවන්හි පාලන බලය ඔහු සතුය. තම ගැත්තන් අතුරින් තමන් කැමති අය කැමති පරිදි කැමති දිශාවකට හරවනු ඇත. ඔහු පිවිතුරුය. ඔහුගේ ගැත්තන් අතුරින් ඔහු අභිමත කරන අයට ඍජු මාර්ගය වෙත මග පෙන්වයි. එහි කිසිදු අඩුවක් හෝ විකෘතිභාවයක් හෝ නොමැත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න