සූරා 2 · ජුස් 1

Al-Baqarah · 2:141

تِلْكَ أُمَّةٌ قَدْ خَلَتْ ۖ لَهَا مَا كَسَبَتْ وَلَكُمْ مَا كَسَبْتُمْ ۖ وَلَا تُسْأَلُونَ عَمَّا كَانُوا يَعْمَلُونَ

එය ඉකුත් වී ගිය සමූහයකි. එය ඉපැයූ දෑ එය ට ඇත. එමෙන් ම නුඹලා ඉපැයූ දෑ නුඹලා ට ඇත. ඔවුන් කරමින් සිටි දෑ ගැන නුඹලා විමසනු නොලබන්නෙහු ය.

තෆ්සීර්

එය නුඹලාට පෙර ඉකුත්ව ගිය සමූහයකි. ඔවුන් කළ ක්රියාවන් ඔවුන් සමගමය. ඔවුන් උපයා ගත් දෑ ඔවුන් සතුය. නුඹලා උපයාගත් දෑ නුඹලා සතුය. ඔවුන්ගේ ක්රියාවන් ගැන නුඹලා ප්රශ්න කරනු නොලබන්නෙහුය. නුඹලාගේ ක්රියාවන් පිළිබඳ ඔවුන් ප්රශ්න කරනු නොලබති. කිසිවකුගේ පාපයක් හේතුවෙන් කිසිවකු ග්රහණය කරනු නොලැබේ. වෙනත් කිසිවකුගේ ක්රියාවක් තමන්ට ප්රයෝජනවත් නොවනු ඇත. නමුත් ඔවුන් සෑම කෙනෙකුටම ඔවුන් ඉදිරිපත් කළ දෑ සඳහා ප්රතිඵල පිරිනමනු ලැබේ.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න