සූරා 2 · ජුස් 1
Al-Baqarah · 2:14
وَإِذَا لَقُوا الَّذِينَ آمَنُوا قَالُوا آمَنَّا وَإِذَا خَلَوْا إِلَىٰ شَيَاطِينِهِمْ قَالُوا إِنَّا مَعَكُمْ إِنَّمَا نَحْنُ مُسْتَهْزِئُونَ
තව ද ඔවුහු විශ්වාස කළවුන් හමු වූ විට අපි විශ්වාස කළෙමු යැයි පවසති. නමුත් ඔවුහු ඔවුන් ගේ නායකයින් සමඟ තනි වූ විට සැබැවින් ම අපි නුඹලා සමඟ ය. අපම ය සමච්චල් කරන්නෝ යැයි පැවසුවෝය.
තෆ්සීර්
ඔවුන් දේව විශ්වාසවන්තයින් මුණ ගැසුණු විට ‘නුඹලා කවරු කරුණක් විශ්වාස කරන්නේද එය සැබෑවකි’ යැයි ඔවුහු පවසති. එසේ ඔවුන් පවසා සිටිනුයේ දේව විශ්වාසවන්තයින්ට බියෙනි. දේව විශ්වාසවන්තියින්ගෙන් වෙන්ව ඔවුන්ගේ ප්රධානීන් සමඟ තනි වූ විටක ‘ඇත්තෙන්ම අපි නුඹලා සමග නුඹලාගේ මාර්ගයේම වෙමු. දෙවියන් විශ්වාස කරන්නන්හට මතුපිටින් අප එකඟ වූයේ ඔවුනට අවමන් කිරීමක් හා සමච්චල් කිරීමක් ලෙසිනි’ යැයි දන්වා තම ස්ථාවරය ඔවුන් සමඟ යැයි තහවුරු කරමින් පවසති.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න