සූරා 2 · ජුස් 1
Al-Baqarah · 2:13
وَإِذَا قِيلَ لَهُمْ آمِنُوا كَمَا آمَنَ النَّاسُ قَالُوا أَنُؤْمِنُ كَمَا آمَنَ السُّفَهَاءُ ۗ أَلَا إِنَّهُمْ هُمُ السُّفَهَاءُ وَلَٰكِنْ لَا يَعْلَمُونَ
තව ද (දැහැමි) ජනයා විශ්වාස කළාක් මෙන් නුඹලා ද විශ්වාස කරනු යැයි ඔවුන ට කියනු ලැබූ කල්හි අඥානයින් විශ්වාස කළාක් මෙන් අපත් විශ්වාස කළ යුතු දැ? යි විමසති. අවධානය ට ගනු. සැබැවින් ම අඥානයෝ ඔවුහු ම ය. නමුත් ඔවුහු (ඒ බව) නොදනිති.
තෆ්සීර්
මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාගේ අනුගාමිකයින් විශ්වාස කළාක් මෙන් විශ්වාස කරන්නැයි ඔවුනට අණ කළ විට, බුද්ධිහීනයින් විශ්වාස කළාක් මෙන් අප ද විශ්වාස කළ යුතු දැයි අපහාසාත්මකව හා පිළිකුල් සහගත ලෙසින් පිළිතුරු දුන්හ. නමුත් ඔවුහු ඒ ගැන අඥානීව සිටිති.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න