සූරා 2 · ජුස් 1
Al-Baqarah · 2:104
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَقُولُوا رَاعِنَا وَقُولُوا انْظُرْنَا وَاسْمَعُوا ۗ وَلِلْكَافِرِينَ عَذَابٌ أَلِيمٌ
අහෝ විශ්වාස කළවුනි! නුඹලා (යුදෙව්වන් අතර වැරදි අදහසක් ගෙන දෙන) රාඉනා (යන යෙදුම) නොපවසනු. උන්ළුර්නා (අප ගැන සැලකිලිමත් වනු) යැයි පවසනු. තව ද නුඹලා (ඔවුන් ගේ ප්රකාශය ට) සවන් දෙනු. ප්රතික්ෂේපකයින් ට වේදනා සහගත දඬුවමක් ඇත.
තෆ්සීර්
ප්රකාශ අතුරින් දැහැමි ප්රකාශක් තෝරා ගන්නට අල්ලාහ් විශ්වාස කළවුන්හට මඟ පෙන්වීය. අහෝ විශ්වාස කළවුනි, -අපගේ තත්ත්වයන් සැලකිල්ලට ගනු- යන අර්ථය ගෙන දෙන ‘රාඉනා’ යන පදය ප්රකාශ නොකරනු. හේතුව යුදෙව්වෝ එය විකෘති අදහසකින් ‘රඌනා’ යන පදයෙන් අර්ථවත් වන දුෂ්ඨයා අඥානයා යන අපහාසාත්මක ලෙස ‘රාඉනා’ යන පදය භාවිත කරමින් නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් සමඟ කතා කළහ. එම දොරටුව වසන පරිදි මෙම ප්රකාශයෙන් ඉවත් ව සිටින මෙන් ද ඒ වෙනුවට ‘ඔබ පවසන දෑ අප වටහා ගැනීම ඔබ බලාපොරොත්තු වන්න’ යන අර්ථය ගෙන දෙන ‘උන්ළුර්නා’ යන පදය භාවිත කරන මෙන් අල්ලාහ් තම ගැත්තන්හට නියෝග කර සිටියේය. එය කිසිදු අර්ථමය ව්යාකූලත්වයක් ඇති නොකරන පදයකි. දෙවියන් ප්රතික්ෂේප කරන්නන් හට වේදනීය දඬුවමකින් අල්ලාහ් වේදානා කරයි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න