සූරා 2 · ජුස් 1

Al-Baqarah · 2:103

وَلَوْ أَنَّهُمْ آمَنُوا وَاتَّقَوْا لَمَثُوبَةٌ مِنْ عِنْدِ اللَّهِ خَيْرٌ ۖ لَوْ كَانُوا يَعْلَمُونَ

නියත වශයෙන් ම ඔවුන් විශ්වාස කොට බිය බැතිමත් වූයේ නම් අල්ලාහ් අබියසින් ලැබෙන කුසල් ශ්‍රේෂ්ඨ ය. ඔවුහු (ඒ බව) දැන සිටියාහු නම්.

තෆ්සීර්

සැබැවින්ම යුදෙව්වෝ සැබෑ ලෙසින් අල්ලාහ් විශ්වාස කොට; පාපයෙන් මිදී; ඔහුට අවනත ව ක්රියා කර; බැතිමත් වූයේ නම් අල්ලාහ් ඔවුනට පිරිනමන්නට අපේක්ෂිත තිළිණ යහපත් වනු ඇත. ඔවුනට ප්රයෝජවනත් දෑ ගැන ඔවුන් දැන සිටියා නම් එය කෙතරම් අගනේද!

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න