සූරා 2 · ජුස් 1

Al-Baqarah · 2:101

وَلَمَّا جَاءَهُمْ رَسُولٌ مِنْ عِنْدِ اللَّهِ مُصَدِّقٌ لِمَا مَعَهُمْ نَبَذَ فَرِيقٌ مِنَ الَّذِينَ أُوتُوا الْكِتَابَ كِتَابَ اللَّهِ وَرَاءَ ظُهُورِهِمْ كَأَنَّهُمْ لَا يَعْلَمُونَ

අල්ලාහ් වෙතින් ඔවුන් සමඟ වූ දෑ සත්‍ය කර වන ධර්ම දූතයෙකු ඔවුන් වෙත පැමිණි කල් හි ග්‍රන්ථය දෙනු ලැබූවන් අතුරින් පිරිසක් ඇත්තෙන් ම තමන් නොදන්නා මෙන් අල්ලාහ් ගේ ග්‍රන්ථය ඔවුන් ගේ පිට පිටු පසට හෙළුහ.

තෆ්සීර්

තව්රාතයේ වර්ණනා කර ඇති පරිදි එයට සාපේක්ෂව අල්ලාහ් වෙතින් දූතයකු වශයෙන් මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා ඔවුන් වෙත පැමිණි කල්හි, එතුමා ගැන සඳහන් වූ එම සාධක ඔවුන්ගෙන් පිරිසක් පිටුපෑහ. ඒ පිළිබඳ නොසලකා හැර ඔවුන් අහකට වීසි කර දැමූහ. සත්යයෙන් හා මඟ පෙන්වීමකින් කිසිදු ප්රයෝජනයක් නොලබන අඥානයකුගේ තත්ත්වයට ඔවුන් සමාන විය. ඒ ගැන ඔවුන් සැලකිලිමත් නොවූහ.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න