සූරා 2 · ජුස් 1

Al-Baqarah · 2:100

أَوَكُلَّمَا عَاهَدُوا عَهْدًا نَبَذَهُ فَرِيقٌ مِنْهُمْ ۚ بَلْ أَكْثَرُهُمْ لَا يُؤْمِنُونَ

ඔවුන් එකිනෙකා ගිවිසුමක් ගිවිස ගත් සෑම අවස්ථාවක ම ඔවුන්ගෙන් පිරිසක් එය ඉවත හෙළුවා නොවේ ද? නමුත් ඔවුන්ගෙන් බහුතරය විශ්වාස නොකරති.

තෆ්සීර්

සැබැවින්ම යුදෙව්වන් සමග ගිවිසුමක් ගිවිසගත් සෑම අවස්ථාවකම -එනම් මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාගේ නබිත්වය පිළිබඳ තෝරාවේ පෙන්වා දුන් දෑ මුළුමණින් විශ්වාස කිරීමේ ගිවිසුම- ඔවුන් අතරින් පිරිසක් එය කඩ කළේය. එය ඔවුන් අතර පැවති නපුරු තත්ත්වයකි. එම යුදෙව්වන්ගෙන් බහුතරයක් දෙනා අල්ලාහ් පහළ කළ දෑ සැබෑ ලෙසින් විශ්වාස නොරකන්නන් වෙති. හේතුව දේව විශ්වාසය යනු ගිවිසුම ඉටු කිරීම මත රදා පවතින්නක් වන බැවිනි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න