සූරා 19 · ජුස් 16
Maryam · 19:73
وَإِذَا تُتْلَىٰ عَلَيْهِمْ آيَاتُنَا بَيِّنَاتٍ قَالَ الَّذِينَ كَفَرُوا لِلَّذِينَ آمَنُوا أَيُّ الْفَرِيقَيْنِ خَيْرٌ مَقَامًا وَأَحْسَنُ نَدِيًّا
අපගේ වදන් පැහැදිලි ව ඔවුන් වෙත පාරායනය කර පෙන්වනු ලබන විට ප්රතික්ෂේප කළවුන් දේව විශ්වාසවන්තයින් දෙස බලා ‘(අප) කණ්ඩායම් දෙකින් නිලයෙන් වඩාත් ශ්රේෂ්ඨ හා සභාවෙන් වඩාත් අලංකාර වන්නේ කවරහු දැ’යි විමසීය.
තෆ්සීර්
අපගේ දූතයාණන් වෙත පහළ කරනු ලැබූ අපගේ පාඨ, පැහැදිලි ව ජනයා වෙත පාරායනය කරනු ලැබූ විට, දේව ප්රතික්ෂේපකයින් දේව විශ්වාසීන්හට, “අපගේ කණ්ඩායම් දෙකින් කවර කණ්ඩායමක් පැවැත්මෙන් හා නවාතැනින් උතුම් ද? එමෙන්ම සභාවෙන් හා ප්රජාවෙන් දැහැමිද? අපගේ කණ්ඩායම ද එසේ නැතහොත් නුඹලාගේ කණ්ඩායමද?” යැයි විමසා සිටිති.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න