සූරා 19 · ජුස් 16

Maryam · 19:58

أُولَٰئِكَ الَّذِينَ أَنْعَمَ اللَّهُ عَلَيْهِمْ مِنَ النَّبِيِّينَ مِنْ ذُرِّيَّةِ آدَمَ وَمِمَّنْ حَمَلْنَا مَعَ نُوحٍ وَمِنْ ذُرِّيَّةِ إِبْرَاهِيمَ وَإِسْرَائِيلَ وَمِمَّنْ هَدَيْنَا وَاجْتَبَيْنَا ۚ إِذَا تُتْلَىٰ عَلَيْهِمْ آيَاتُ الرَّحْمَٰنِ خَرُّوا سُجَّدًا وَبُكِيًّا ۩

ඔවුහු ආදම්ගේ පරපුරින් ද නූහ් සමග අපි ඉසිලූ අයගෙන්ද ඉබ්‍රාහීම්ගේ හා ඉස්රාඊල්ගේ පරපුරින් ද අපි යහමඟ පෙන්වා තෝරා ගත් අයගෙන් ද වූ නබිවරුන් අතුරින් අල්ලාහ් කවරෙකු වෙත ආශිර්වාද කළේ ද එවැනි අය වෙති. ඔවුන් වෙත මහා කරුණාන්විතයාණන්ගේ වදන් පාරායනා කරනු ලබන විට අඬමින් සුජූද්හි වැටෙති.

තෆ්සීර්

මෙම සූරාවෙහි සකරිය්යා ගෙන් ආරම්භ කොට ඉද්රීස්ගෙන් (අලයිහිමස් සලාම්) අවසන් කරමින් සඳහන් කරනු ලැබූ මොවුහු වනාහි, ආදම්ගේ දරුවන් අතරින් ද නූහ් (අලයිහිස් සලාම්) සමග නැවෙහි ප්රවාහනය කෙරෙව්වා වූ අය අතරින්ද ඉබ්රාහීම්ගේ දරුවන් අතරින්ද යඃකූබ්ගේ දරුවන් අතරින්ද එමෙන්ම ඉස්ලාමය හා යහමඟ වෙත ආශිර්වාද කළවුන් අතරින් ද නබිත්වය ප්රදානය කිරීමෙන් අල්ලාහ් ඔවුනට ආශිර්වාද කළ අය වෙති. අපි ඔවුන්ව තෝරා ගත්තෙමු. අපි ඔවුන් නබිවරුන් බවට පත් කළෙමු. පාරායනය කරනු ලැබූ අල්ලාහ්ගේ වදන්වලට ඔවුහු සවන් දුන් විට ඔහුට ඇති බියෙන් හඬමින් ඔහුට සිරස නමා නමස්කාර කරන්නන් වූහ.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න