සූරා 19 · ජුස් 16

Maryam · 19:40

إِنَّا نَحْنُ نَرِثُ الْأَرْضَ وَمَنْ عَلَيْهَا وَإِلَيْنَا يُرْجَعُونَ

නියත වශයෙන්ම අපි මහපොළොව හා ඒ මත ඇත්තවුන් උරුම කර ගන්නෙමු. තවද ඔවුන් නැවත යොමු වනු ලබනුයේ ද අප වෙතමය.

තෆ්සීර්

මැවීම් විනාශ වී ගිය පසුව ඉතිරි වනුයේ අප පමණය. මහපොළොවේ උරුමය අප සතුය. ඒ මත විසූවන් ද විනාශ වී අප පමණක් ඉතිරිවන බැවින් ඒවා ද අප සතුය. අපි ඔවුනට ඒවා භාර කළෙමු. අපි අභිමත කරන පිරිදි ඔවුන් විශයෙහි කටයුතු කරන්නෙමු. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විනිශ්චය හා ප්රතිඵල සඳහා ඔවුන් නැවත හැරී පැමිණෙනුයේ අප වෙතමය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න