සූරා 19 · ජුස් 16

Maryam · 19:39

وَأَنْذِرْهُمْ يَوْمَ الْحَسْرَةِ إِذْ قُضِيَ الْأَمْرُ وَهُمْ فِي غَفْلَةٍ وَهُمْ لَا يُؤْمِنُونَ

ඔවුහු විශ්වාස නොකරමින් සිටිය දී තවද ඔවුන් නොසැලකිලිමත් ලෙස සිටිය දී එම අණ තීන්දු කරනු ලබන විට පසුතැවිල්ලට පත් වන දිනය ගැන ඔවුනට නුඹ අවවාද කරනු.

තෆ්සීර්

අහෝ දූතය! දුෂ්ඨයා ඔහුගේ දුෂ්ඨකම් මත පසුතැවෙන, දැහැමියා අවනතවීමෙහි වැඩි කාලයක් ගත නොකිරීම ගැන පසුතැවෙන එම පසුතැවීමේ දිනය ගැන ජනයාට අනතුරු අඟවනු. ගැත්තන්ගේ ලේඛන දිගු හරිනු ලැබ, ඔවුන්ගේ විනිශ්චය අවසන් වූ විට සියලු දෙනාම ඔහු ඉදිරිපත් කළ දෑ වෙතට පත් වෙති. ඔවුන් ඔවුන්ගේ මෙලොව ජීවිතයෙහි රවටනු ලැබූවන් වෙති. මතුලොව පිළිබඳ නොසැලකිල්ලෙන් පසුවෙති. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය ගැන විශ්වාස නොකරති.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න