සූරා 19 · ජුස් 16

Maryam · 19:37

فَاخْتَلَفَ الْأَحْزَابُ مِنْ بَيْنِهِمْ ۖ فَوَيْلٌ لِلَّذِينَ كَفَرُوا مِنْ مَشْهَدِ يَوْمٍ عَظِيمٍ

එවිට ඔවුන් අතර වූ (විවිධ) කණ්ඩායම් මත ගැටුම් ඇති කර ගත්තෝය. අතිමහත් දින දැකීමෙන් ප්‍රතික්ෂේප කළවුනට විනාශය වේවා !

තෆ්සීර්

ඊසා (අලයිහිස් සලාම්) තුමාගේ කරුණ සම්බන්ධයෙන් මතභේද ඇති කර ගත්තවුන් මතභේද ඇතිකර ගත්තෝය. එහෙයින් ඔහුගේ ප්රජාව අතර විවිධ කණ්ඩායම් බිහි වූහ. ඒ අනුව ඔවුන්ගෙන් ඇතැමෙකු ඔහුව විශ්වාස කොට, "ඔහු දහම් දූතයෙකි." යැයි පැවසූහ. ඔහු සම්බන්ධයෙන් ඇතැම් පිරිස් අතිශයෝක්තියෙන් "ඔහුය අල්ලාහ්" යැයි පැවසුවාක් මෙන්ම, යුදෙව්වන් ඔහුව ප්රතික්ෂේප කළෝය. තවත් පිරිසක් "ඔහු අල්ලාහ්ගේ පුත්රයා" යැයි පැවසූහ. ඒවායින් අල්ලාහ් උත්තරීතරය. ඔහු විෂයයෙහි මෙසේ මත ගැටුම් ඇති කර ගත්තවුනට මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන අතිමහත් දිනයේ ඇති දර්ශන, විනිශ්චය හා දඬුවම දැකීමෙන් විනාශයක්ම වන්නේය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න