සූරා 19 · ජුස් 16
Maryam · 19:21
قَالَ كَذَٰلِكِ قَالَ رَبُّكِ هُوَ عَلَيَّ هَيِّنٌ ۖ وَلِنَجْعَلَهُ آيَةً لِلنَّاسِ وَرَحْمَةً مِنَّا ۚ وَكَانَ أَمْرًا مَقْضِيًّا
එය එලෙසය යැයි ඔහු පැවසුවේය. ‘එය මා වෙත පහසු කාර්යයකි. එය ජනයාට අපගෙන් වූ සංඥාවක් හා ආශිර්වාදයක් බවට පත් කරනු පිණිසය. එය තීන්දු කරනු ලැබූ නියෝගයක් ද විය’ යැයි නුඹගේ පරමාධිපති පැවසුවේය.
තෆ්සීර්
ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමා ඇයට, "සහකරුවෙකු හෝ වෙනත් කිසිවෙකු හෝ ඔබව ස්පර්ශ කර නොමැති බවත් ඔබ දුරාචාරයේ යෙදුණු කාන්තාවක් නොවන බවත් ඔබ සඳහන් කළ පරිදි එය එසේමය. නමුත් නුඹේ පරමාධිපතියාණන්: ‘පියෙකු තොරව දරුවකු මැවීම මා වෙත පහසු කාර්යයක්' යැයි පවසා සිටියි. ඔබට ත්යාග වශයෙන් පිරිනමනු ලබන දරුවා අල්ලාහ්ගේ ශක්තිය මිනිසුනට පෙන්වා දෙන සළකුණක් වන්නේය. එමෙන්ම අප වෙතින් නුඹට හා ඔහුව විශ්වාස කරන ජනයාට පිරිනමන ආශිර්වාදයකි. නුඹට දරුවකු බිහිවීම ගැන අල්ලාහ් විසින් නියම කරන ලද ‘ලව්හුල් මහ්ෆූල්’ නම් ආරක්ෂිත පුවරුවේ ලියන ලද අල්ලාහ්ගේ තීන්දුව විය පැවසුවේය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න