සූරා 18 · ජුස් 16
Al-Kahf · 18:98
قَالَ هَٰذَا رَحْمَةٌ مِنْ رَبِّي ۖ فَإِذَا جَاءَ وَعْدُ رَبِّي جَعَلَهُ دَكَّاءَ ۖ وَكَانَ وَعْدُ رَبِّي حَقًّا
මෙය මාගේ පරමාධිපතිගෙන් වූ ආශිර්වාදයකි. එහෙයින් මාගේ පරමාධිපතිගේ ප්රතිඥාව පැමිණි විට ඔහු එය කැබලි බවට පත් කරයි. තවද මාගේ පරමාධිපතිගේ ප්රතිඥාව සැබෑවක් විය.
තෆ්සීර්
"යඃජූජ් හා මඃජූජ් අතර ද මහපොළොවේ කලහකම් කිරීම් අතර ද ආවරණය කරමින් තබන ලද බාධකය අල්ලාහ්ගෙන් වූ ආශිර්වාදයකි. එයින් ඔහු ඔවුන් වැළැක්වීය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය සිදු වීමට පෙර ඔවුන් බැහැර කිරීමට අල්ලාහ් නියම කළ කාලය පැමිණි විට ඔහු මහපොළොව සමග එය සමතලා කරනු ඇත. මහපොළොව සමග එය සමතලා කිරීමත් යඃජූජ් මඃජූජ්ගේ බැහැර වීමත් සම්බන්ධයෙන් අල්ලාහ්ගේ ප්රතිඥාව ස්තීරය. එහි කිසිම පසුබෑමක් නැත." යැයි දුල් කර්නයින් පැවසීය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න