සූරා 18 · ජුස් 16
Al-Kahf · 18:97
فَمَا اسْطَاعُوا أَنْ يَظْهَرُوهُ وَمَا اسْتَطَاعُوا لَهُ نَقْبًا
එවිට ඉන් බැහැර වන්නට (යඃජූජ් මඃජූජ් වන) ඔවුහු ශක්තිය නොදැරූහ. තවද එයට සිදුරක් කරන්නට ද ඔවුහු ශක්තිය නොදැරූහ.
තෆ්සීර්
එය උසින් පිහිටා ඇති බැවින් ඒ මත නැගීමට යඃජූජ් හා මඃජූජ් සමූහයාට හැකියාවක් නැත. එහි දැඩි ඝණත්වය හේතුවෙන් ඊට යටින් උමං හෑරිය ද නොහැක.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න