සූරා 18 · ජුස් 16
Al-Kahf · 18:95
قَالَ مَا مَكَّنِّي فِيهِ رَبِّي خَيْرٌ فَأَعِينُونِي بِقُوَّةٍ أَجْعَلْ بَيْنَكُمْ وَبَيْنَهُمْ رَدْمًا
මාගේ පරමාධිපති එහි මට පහසුකම් වශයෙන් ලබා දුන් දෑ ශ්රේෂ්ඨය. එබැවින් නුඹලා ශක්තිමත් ව මට උදව් කරනු. මම නුඹලා අතර හා ඔවුන් අතර බාධකයක් තබමි යැයි ඔහු පැවසුවේය.
තෆ්සීර්
දුල් කර්නයින්, "මාගේ පරමාධිපති මට පෝෂණය කර ඇති රාජ්ය බලය හා ආධිපත්යය නුඹලා මට ගෙවන මුදලට වඩා උතුම්ය. එහෙයින් නුඹලා අතර හා ඔවුන් අතර මා බාධකයක් තැනීම සඳහා මිනිස් ශ්රමයෙන් හා අමුද්රව්යවලින් නුඹලා මට උදව් කරනු" යැයි පැවසීය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න