සූරා 18 · ජුස් 16

Al-Kahf · 18:94

قَالُوا يَا ذَا الْقَرْنَيْنِ إِنَّ يَأْجُوجَ وَمَأْجُوجَ مُفْسِدُونَ فِي الْأَرْضِ فَهَلْ نَجْعَلُ لَكَ خَرْجًا عَلَىٰ أَنْ تَجْعَلَ بَيْنَنَا وَبَيْنَهُمْ سَدًّا

අහෝ ! දුල් කර්නයින්, නියත වශයෙන්ම යඃජූජ් හා මඃජූජ් මහපොළොවේ කලහකාරීහුය. එහෙයින් අප අතර හා ඔවුන් අතර ඔබ ආරක්ෂක පවුරක් ඇති කිරීම වෙනුවෙන් අපි ඔබට යම් දීමනාවක් කළ යුතු දැයි ඔවුහු විමසුවෝය.

තෆ්සීර්

"අහෝ දුල් කර්නයින්! සැබැවින්ම යඃජූජ් හා මඃජූජ් (නම් ආදම්ගේ දරුවන් අතරින් පැවත ආ අතිමහත් සමූහයන් දෙපිරිසකි) මහපොළොවේ ඝාතනය කිරීම් හා වෙනත් අපරාධ සිදු කරමින් එහි කලහකාරීව හැසිරෙති. අප අතර හා ඔවුන් අතර නුඹ බාධකයක් තැනීම සඳහා අපි නුඹට ගෙවීමක් කරන්නදැ?" යි (ඔවුන්) විමසීය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න