සූරා 18 · ජුස් 16
Al-Kahf · 18:83
وَيَسْأَلُونَكَ عَنْ ذِي الْقَرْنَيْنِ ۖ قُلْ سَأَتْلُو عَلَيْكُمْ مِنْهُ ذِكْرًا
(අහෝ නබිවරය,) ඔවුහු නුඹගෙන් දුල් කර්නයින් පිළිබඳ විමසති. ඔහු පිළිබඳ සිහිපත් කරමින් නුඹලා වෙත මම මතුවට කියවා පෙන්වමි යැයි නුඹ පවසනු.
තෆ්සීර්
"අහෝ දූතය! දේව ආදේශකයින් හා යුදෙව්වන් පරීක්ෂා කරමින් දුල් කර්නයින් පිළිබඳ තොරතුරු ඔවුහු නුඹෙන් විමසා සිටිති. නුඹලා එමගින් පාඩම් ලබනු පිණිසත්, උපදෙස් ලබනු පිණිසත් ඔහුගේ තොරතුරුවලින් කොටසක් මා නුඹලාට මතු කියවා පෙන්වමි" යැයි පවසනු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න