සූරා 18 · ජුස් 16
Al-Kahf · 18:82
وَأَمَّا الْجِدَارُ فَكَانَ لِغُلَامَيْنِ يَتِيمَيْنِ فِي الْمَدِينَةِ وَكَانَ تَحْتَهُ كَنْزٌ لَهُمَا وَكَانَ أَبُوهُمَا صَالِحًا فَأَرَادَ رَبُّكَ أَنْ يَبْلُغَا أَشُدَّهُمَا وَيَسْتَخْرِجَا كَنْزَهُمَا رَحْمَةً مِنْ رَبِّكَ ۚ وَمَا فَعَلْتُهُ عَنْ أَمْرِي ۚ ذَٰلِكَ تَأْوِيلُ مَا لَمْ تَسْطِعْ عَلَيْهِ صَبْرًا
තවද බිත්තිය වූ කලී, එය නගරයේ විසූ අනාථ දරුවන් දෙදෙනකු සතු විය. තවද ඔවුන් දෙදෙනා සතු නිධන් වස්තුවක් ඊට යටින් විය. තවද ඔවුන් දෙදෙනාගේ පියා දැහැමියකු විය. එවිට නුඹගේ පරමාධිපතිගේ දයාවෙන් ඔවුන් දෙදෙනා වැඩිවියට පත් ව පසු ව ඔවුන් දෙදෙනාගේ නිධන් වස්තුව ඔවුන් දෙදෙනා මතු කර ගන්නට නුඹගේ පරමාධිපති සිතුවේය. මාගේ තීරණයට අනුව මම මෙය සිදු නොකළෙමි. නුඹ කවර දෙයක් මත ඉවසීමෙන් සිටීමට නොහැකි වූයේ ද එහි යථාර්ථය මෙය වේ.
තෆ්සීර්
"මා ප්රතිසංස්කරණය කළ එම තාප්පය වනාහි එය මා ප්රතිසංස්කරණය කරන විට නුඹ එය හෙළා දුටුවෙහිය. අප ගිය එම නගරයේ පියා අහිමි කුඩා දරුවන් දෙදෙනෙකු වූහ. ඔවුන් දෙදෙනා වෙනුවෙන් වළ දමන ලද නිධන් වස්තුවක් එම තාප්පය යට විය. එම කුඩා දරුවන් දෙදෙනාගේ පියාණන් දැහැමියෙකු විය. එහෙයින් අහෝ මූසා! ඔබේ පරමාධිපති ඔවුන් දෙදෙනා නිසි වයසට පත් වී වැඩුණු පසු එයට යටින් වලලා ඇති ඔවුන් දෙදෙනාගේ නිධන් වස්තුව හෙළි කිරීමට සිතුවේය. දැන් ඒ තාප්පය කඩා වැටුණේ නම් ඔවුන් දෙදෙනාගේ නිධන් ධනය මතු වනු ඇත. එය නාස්ති වී යන්නට ඉඩ තිබිණ. මෙම සැළසුම ඔවුන් දෙදෙනාට නුඹේ පරමාධිපති වෙතින් ලැබුණු ආශිර්වාදයක් විය. මේ සියල්ල මා සිදු කළේ මාගේ ස්වයං පරීක්ෂණය තුළින් නොවේ. ඔබ ඉවසීමෙන් බලා නොසිටි දෑහි විස්තරය එය වේ" යැයි පැවසීය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න