සූරා 18 · ජුස් 15

Al-Kahf · 18:49

وَوُضِعَ الْكِتَابُ فَتَرَى الْمُجْرِمِينَ مُشْفِقِينَ مِمَّا فِيهِ وَيَقُولُونَ يَا وَيْلَتَنَا مَالِ هَٰذَا الْكِتَابِ لَا يُغَادِرُ صَغِيرَةً وَلَا كَبِيرَةً إِلَّا أَحْصَاهَا ۚ وَوَجَدُوا مَا عَمِلُوا حَاضِرًا ۗ وَلَا يَظْلِمُ رَبُّكَ أَحَدًا

වාර්තා පොත තබනු ලැබේ. එවිට වැරදිකරුවන් එහි ඇති දෑ ගැන බියට පත්වෙමින් සිටිනු නුඹ දකිනු ඇත. තවද ඔවුහු ‘අහෝ ! අපගේ විනාශය ! මෙම වාර්තාවට කුමක් සිදු වී ඇත් ද? එය කුඩා දෙයක් හෝ මහා දෙයක් හෝ සටහන් කර තිබෙනු මිස නැත. ඔවුන් සිදු කළ දේ (තමන්) ඉදිරියේම ඔවුහු දැක ගනිති. නුඹගේ පරමාධිපති කිසිවකුට අපරාධයක් නොකරයි.

තෆ්සීර්

ක්රියා ලේඛනය ඔවුන් ඉදිරියේ තබනු ලැබේ. තම දකුණතින් තම ලේඛනය ගන්නා අය ද, තම වමතින් තම ලේඛනය ගන්නා අය ද එහි වෙති. අහෝ මිනිස! දේව ප්රතික්ෂෙපකයින් එහි ඇති දෑ ගැන බියෙන් පසුවනු නුඹ දකිනු ඇත. ඊට හේතුව සැබැවින්ම ඔවුන් පෙර සිදු කළ පාපකම් හා දේව ප්රතික්ෂේපය ගැන දැන සිටින බැවිණි. ඔවුහු, "අහෝ අපගේ විනාශය! අපගේ අවාසනාව! මේ ලේඛනය කුමක් ද? අපගේ ක්රියාවන් අතරින් කුඩා හෝ මහා ක්රියාවක් සටහන් නොකර ගණනය නොකර අතහැර නැත" යැයි පවසති. ඔවුන්ගේ මෙලොව ජීවිතයේ ඔවුන් සිදු කළ පාපකම් සියල්ල තිරසාර ලෙස සටහන් කර තිබෙනු ඔවුහු දකිති. අහෝ දූතය! නුඹේ පරමාධිපති කිසිවෙකුට අසාධාරණයක් සිදු නොකරයි. කිසිදු පාපකමක හේතුවෙන් තොර ව කිසිවකුට දඬුවම් නොකරයි. ඔහුට අවනත වෙමින් සිදු කළ කිසිදු කුසලක් අවනත වන්නාට ඔහු අඩු නොකරයි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න