සූරා 18 · ජුස් 15
Al-Kahf · 18:48
وَعُرِضُوا عَلَىٰ رَبِّكَ صَفًّا لَقَدْ جِئْتُمُونَا كَمَا خَلَقْنَاكُمْ أَوَّلَ مَرَّةٍ ۚ بَلْ زَعَمْتُمْ أَلَّنْ نَجْعَلَ لَكُمْ مَوْعِدًا
තවද ඔවුහු නුඹගේ පරමාධිපති වෙත පෙළට ඉදිරිපත් කරනු ලබති. සැබැවින්ම අපි නුඹලා ව මුල් වරට මැව්වාක් මෙන්ම නුඹලා අප වෙත පැමිණ ඇත. නමුත් ‘නුඹලාට (නැවත නැගිටුවනු ලැබීමේ) ප්රතිඥාව අපි ඇති නොකරන්නේමය’ යැයි නුඹලා සිතුවෙහුය.
තෆ්සීර්
මිනිසුන් නුඹේ පරමාධිපති ඉදිරියේ පෙළට ඉදිරිපත් කරනු ලැබේ. පසු ව ඔවුන්ගෙන් ප්රශ්න කරනු ලැබ ඔවුනට මෙසේ පවසනු ලැබේ. "අපි නුඹලා ව මුල් අවදියේ මැව්වාක් සේම පාවහන් නොමැති නිරුවත් තනි තනි පුද්ගලයින් වශයෙන් නැවත ගෙන්වා ඇත්තෙමු. නමුත් නුඹලා නැවත නැගිටුවනු නොලබන බව ද, නුඹලාගේ ක්රියාවන් සඳහා නුඹලාට ප්රතිඵල පිරිනැමීමට සැබැවින්ම අපි එහි කාලයක් හෝ ස්ථානයක් හෝ ඇති නොකරන්නෙමු යි තරයේම සිතුවෙහුය."
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න