සූරා 17 · ජුස් 15
Al-Isra · 17:85
وَيَسْأَلُونَكَ عَنِ الرُّوحِ ۖ قُلِ الرُّوحُ مِنْ أَمْرِ رَبِّي وَمَا أُوتِيتُمْ مِنَ الْعِلْمِ إِلَّا قَلِيلًا
තවද ඔවුහු රූහ් (හෙවත් ප්රාණය) පිළිබඳ නුඹගෙන් විමසති. රූහ් (පිළිබඳ දැනුම) මාගේ පරමාධිපතිගේ කරුණු අතුරිනි. දැනුමෙන් නුඹලා වෙත පිරිනමනු ලැබ ඇත්තේ ස්වල්පයක් මිස නැතැයි නුඹ පවසනු.
තෆ්සීර්
අහෝ දූතය! ආගම් ලත් ජනයා අතර සිටින දේව ප්රතික්ෂේපකයෝ ප්රාණයේ යථාර්ථය ගැන ඔබෙන් විමසති. ප්රාණයේ යථාර්ථය අල්ලාහ් හැර වෙනත් කිසිවකු නොදනී. ‘ශුද්ධවන්තයාණෝ අල්ලාහ්ගේ දැනුම දෙසින් බලන කළ, නුඹලාට හා සෙසු මැවීම්වලට පිරිනමනු ලැබ ඇත්තේ දැනුමෙන් ඉතා ස්වල්පයක් මිස නැත.’ යැයි ඔවුනට පවසනු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න