සූරා 17 · ජුස් 15

Al-Isra · 17:82

وَنُنَزِّلُ مِنَ الْقُرْآنِ مَا هُوَ شِفَاءٌ وَرَحْمَةٌ لِلْمُؤْمِنِينَ ۙ وَلَا يَزِيدُ الظَّالِمِينَ إِلَّا خَسَارًا

දේව විශ්වාසවන්තයින්ට දයාව හා සුවය ඇති දෑ අපි අල්කුර්ආනයෙන් පහළ කරන්නෙමු. නමුත් අපරාධකරුවන් ව අලාභය මිස (වෙනත් කිසිවක්) එය වැඩි නොකරනු ඇත.

තෆ්සීර්

සැකය දේව ප්රතික්ෂේපය හා අඥානකම යනාදියෙන් හදවත් සුව කරන ප්රතිකාර සහිත අල් කුර්ආනය අපි පහළ කළෙමු. එය ඔබ මතුරන්නේ නම් ශරීරයට ද සුවයක් ද ඇත. එමෙන්ම ඒ අනුව කටයුතු කරන දේව විශ්වාසීන්හට ආශිර්වාදයක් ද ඇත. නමුත් මෙම අල් කුර්ආනය දෙවියන් ප්රතික්ෂේප කරන්නන්හට විනාශය මිස වෙනත් කිසිවක් වැඩි කරන්නේ නැත. ඊට හේතුව සැබැවින්ම එයට සවන් දීම ඔවුන් කුපිත කරවන බැවින් හා එමෙන්ම ඒ ගැන බොරු කිරීම හා පිටුපෑම ඔවුනට අධික කරන බැවිණි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න