සූරා 16 · ජුස් 14
An-Nahl · 16:9
وَعَلَى اللَّهِ قَصْدُ السَّبِيلِ وَمِنْهَا جَائِرٌ ۚ وَلَوْ شَاءَ لَهَدَاكُمْ أَجْمَعِينَ
ඍජු මාර්ගය හා එහි මුළාව ඇත්තේ අල්ලාහ් සතුවය. තවද ඔහු අභිමත කළේ නම් ඔහු නුඹලා සියලු දෙනාට මග පෙන්වන්නට තිබුණි.
තෆ්සීර්
අල්ලාහ්ගේ තෘප්තිය වෙත ළඟා කරන ඍජු මාර්ගය පැහැදිලි කිරීම ඔහු සතුව ඇත්තකි. එය ඉස්ලාමයයි. මාර්ග අතරින් සත්යයෙන් වෙනතකට නැඹුරු කරන ෂෙයිතාන්ගේ මාර්ග ද ඇත. ඉස්ලාමයේ මාර්ගය හැර පවතින අනෙකුත් සියලුම මාර්ග සත්යයෙන් වෙනතකට නැඹුරු වූ මාර්ග වේ. නුඹලා සියලු දෙනාට දේව විශ්වාසය ආශිර්වාද කරන්නට අල්ලාහ් අභිමත කළේ නම් නුඹලා සියලු දෙනාටම එසේ ඒ වෙත ආශිර්වාද කරන්නට තිබිණ.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න