සූරා 16 · ජුස් 14
An-Nahl · 16:86
وَإِذَا رَأَى الَّذِينَ أَشْرَكُوا شُرَكَاءَهُمْ قَالُوا رَبَّنَا هَٰؤُلَاءِ شُرَكَاؤُنَا الَّذِينَ كُنَّا نَدْعُو مِنْ دُونِكَ ۖ فَأَلْقَوْا إِلَيْهِمُ الْقَوْلَ إِنَّكُمْ لَكَاذِبُونَ
ආදේශ කළවුන් ඔවුන්ගේ ආදේශකයින් ව දුටු විට අපගේ පරමාධිපතියාණනි, නුඹෙන් තොර ව අප ඇරයුම් කරමින් සිටි අපගේ ආදේශකයින් මොවුන්ය. එවිට නියත වශයෙන්ම නුඹලා මුසාවාදීහුය යැයි ඔවුහු ඔවුනට ප්රකාශ කරනු ඇත.
තෆ්සීර්
දේව ආදේශකයින් අල්ලාහ් හැර දමා ඔවුන් නමදිමින් සිටි, ඔවුන්ගේ නැමදුමට ලක් වූ දෑ මතුලොවෙහි දෑසින් දකින විට, "අහෝ අපගේ පරමාධිපතියාණනි! නුඹ ව හැර දමා අපි නමදිමින් සිටි අපගේ හවුල්කරුවන් මොවූහුය" යැයි පවසති. එසේ ඔවුන් පවසා සිටිනුයේ ඔවුන්ගේ පව් බර ඔවුන් මත පැටවීම සඳහාය. එවිට අල්ලාහ් ඔවුන්ගේ නැමදුමට ලක්වූවන්ට කතා කරන්නට සලස්වයි. එවිට ඔවුහු ඔවුනට පිළිතුරු දෙමින්, "අහෝ දෙවියන්ට ආදේශ තැබූවනි! සැබැවින්ම අල්ලාහ්ට හවුල් කරුවෙකු පත් කොට නුඹලා නමදිමින් සිටි දෑ ගැන නුඹලා මුසාවාදීහු ය. ඔහු සමග නැමදුමට ලක්වන කිසිදු හවුල්කරුවකු නොවීය." යැයි පවසති.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න