සූරා 16 · ජුස් 14

An-Nahl · 16:67

وَمِنْ ثَمَرَاتِ النَّخِيلِ وَالْأَعْنَابِ تَتَّخِذُونَ مِنْهُ سَكَرًا وَرِزْقًا حَسَنًا ۗ إِنَّ فِي ذَٰلِكَ لَآيَةً لِقَوْمٍ يَعْقِلُونَ

තවද ඉඳි හා මිදි (වැනි) පලතුරු වලින් ද (පානය කිරීමට සපයන්නෙමු.) නුඹලා ඉන් මත් පැන් හා හොද ආහාර ගන්නෙහුය. නියත වශයෙන්ම එහි අවබෝධ කර ගන්නා ජනයාට පාඩමක් ඇත.

තෆ්සීර්

අප නුඹලාට පෝෂණය කළ රට ඉඳි හා මිදි වැනි පළතුරුවල ද නුඹලාට පාඩමක් ඇත. බුද්ධිය පහ කරන මත් ද්රව්ය එයින් නුඹලා පෙරා ගන්නෙහුය. එය යහපත් නොවන්නේය. එමෙන්ම නුඹලා ප්රයෝජනයට ගන්නා රට ඉඳි, වියලි මිදි, විනාකිරි හා පැණි වැනි දෑ ද එයින් නුඹලා ගන්නෙහුය. සඳහන් කරනු ලැබූ දෑහි අල්ලාහ්ගේ බලය පෙන්වා දෙන සාධක ඇත. වටහා ගන්නා ජනයා සඳහා ඔහුගේ ගැත්තන් හට ඔහු ආශිර්වාද කර ඇත. පාඩම් ලබන්නෝ ඔවුහුමය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න