සූරා 16 · ජුස් 14

An-Nahl · 16:60

لِلَّذِينَ لَا يُؤْمِنُونَ بِالْآخِرَةِ مَثَلُ السَّوْءِ ۖ وَلِلَّهِ الْمَثَلُ الْأَعْلَىٰ ۚ وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ

මතු ලොව පිළිබඳ විශ්වාස නොකළවුනට ඇත්තේ නපුරු ආදර්ශයකි. අල්ලාහ්ට ඇත්තේ උදාර ආදර්ශයකි. තවද ඔහු සර්ව බලධාරීය. සියුම් ඥානය ඇත්තාය.

තෆ්සීර්

මතුලොව විශ්වාස නොකරන දේව ප්රතික්ෂේපකයින්හට දරුවකුගේ අවශ්යතාව, අඥානකම හා දේව ප්රතික්ෂේපය වැනි පහත් ගුණාංග සතුය. නමුත් අල්ලාහ්ට කීර්තිය, පූර්ණත්වය, ස්වාධීනත්වය, ප්රඥාව වැනි උසස් ප්රශංසනීය ගුණාංග සතුය. ශුද්ධවන්ත ඔහු ඔහුගේ රාජ්යයේ සර්වබලධාරියාණන්ය. කිසිවෙකු ඔහු අබිබවා යා නොහැක. ඔහුගේ මැවීම, සැලසුම් කිරීම හා ආගමානුගත කිරීමෙහි මහා ප්රඥාවන්තය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න