සූරා 16 · ජුස් 14
An-Nahl · 16:53
وَمَا بِكُمْ مِنْ نِعْمَةٍ فَمِنَ اللَّهِ ۖ ثُمَّ إِذَا مَسَّكُمُ الضُّرُّ فَإِلَيْهِ تَجْأَرُونَ
නුඹලාට කවර හෝ ආශිර්වාදයක් වී නම් එය අල්ලාහ්ගෙනි. පසු ව නුඹලාට යම් පීඩාවක් වැලඳුණු විට නුඹලා විලාප නගනුයේ ඔහු වෙතමය.
තෆ්සීර්
අහෝ ජනයිනි! ආධ්යාත්මික වශයෙන් හෝ ලෞකික වශයෙන් හෝ කවර ආශිර්වාදයක් නුඹලා සමග තිබෙන්නේ ද එය ශුද්ධ වූ අල්ලාහ්ගෙන් මිස වෙනත් කිසිවකුගෙන් නොවේ. පසු ව නුඹලාට පරීක්ෂණයක් හෝ රෝගාබාධයක් හෝ දිළිඳුකමක් හෝ අත් වූ විට ඔහු වෙත පමණක් කණ්ණලව් කර යටහත් පහත් වනු. නුඹලාට අත් වූ ඉරණම ඔහු නුඹලාගෙන් පහ කරනු ඇත. එහෙයින් කවරෙකු ආශිර්වාද පිරිනමා අභාග්යවන්තකම ඉවත් කරන්නේ ද නැමදුම් ලබන්නට අනිවාර්යය වනුයේ ඔහු පමණය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න