සූරා 16 · ජුස් 14
An-Nahl · 16:52
وَلَهُ مَا فِي السَّمَاوَاتِ وَالْأَرْضِ وَلَهُ الدِّينُ وَاصِبًا ۚ أَفَغَيْرَ اللَّهِ تَتَّقُونَ
අහස්හි හා මහපොළොවේ ඇති දෑ ඔහු සතුය. තවද සදා අවනතභාවය ද ඔහු සතුය. එහෙයින් නුඹලා අල්ලාහ් නොවන දෑට බිය බැතිමත් වන්නෙහු ද?
තෆ්සීර්
අහස්හි ඇති දෑ ද, මහපොළොවෙහි ඇති දෑ ද මැවීමෙන් පාලනය කිරීමෙන් හා සැලසුම් කිරීමෙන් ඔහුට පමණක් සතුය. අවනත වීම යටහත් වීම ස්ථාවර අවංකත්වය ඔහුට පමණක් සතු විය යුතුය. අල්ලාහ් නොවන දෑට නුඹලා බිය වන්නෙහු ද? නැත. එසේ නොව, නුඹලා ඔහුට පමණක් බියවනු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න