සූරා 16 · ජුස් 14
An-Nahl · 16:41
وَالَّذِينَ هَاجَرُوا فِي اللَّهِ مِنْ بَعْدِ مَا ظُلِمُوا لَنُبَوِّئَنَّهُمْ فِي الدُّنْيَا حَسَنَةً ۖ وَلَأَجْرُ الْآخِرَةِ أَكْبَرُ ۚ لَوْ كَانُوا يَعْلَمُونَ
අපරාධ කරනු ලැබූවායින් පසු ව අල්ලාහ් විෂයයෙහි නික්ම ගියවුන් වන ඔවුනට මෙලොව යහපත අපි සලසා දෙන්නෙමු. මතු ලොව ප්රතිඵල අතිමහත්ය. ඔවුහු එය දැන සිටියාහු නම්.
තෆ්සීර්
දෙවියන් ප්රතික්ෂේප කළවුන් විසින් තමන්හට හිංසා පීඩා ඇති කොට තමන් පීඩනයට පත්වූවායින් පසු අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂාවෙන් දේව ප්රතික්ෂේපිත දේශයෙන් ඉස්ලාමීය දේශය වෙත තම නිවෙස් පවුල් හා තම දේපොළ අතහැර දමා නික්ම ගිය මුහාජිර්වරුන් වනාහි, සැබැවින් අපි ඔවුනට මෙලොවෙහි ගෞවරයෙන් යුතු ව සිටිය හැකි නිවහනක පදිංචි කරවන්නෙමු. ස්වර්ගයේ ඇති පිරිනැමීම් හේතුවෙන් මතුලොව තිළිණ වඩාත් උතුම් වන්නේය. හිජ්රත්-නික්ම- යාමෙන් පසුබැස්සවුන් එම නික්ම ගිය මුහාජිර්වරුන් සතු තිළිණ පිළිබඳ දැන ගන්නේ නම්, ඔවුන් ද එයින් පසු නොබසිනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න