සූරා 16 · ජුස් 14

An-Nahl · 16:30

۞ وَقِيلَ لِلَّذِينَ اتَّقَوْا مَاذَا أَنْزَلَ رَبُّكُمْ ۚ قَالُوا خَيْرًا ۗ لِلَّذِينَ أَحْسَنُوا فِي هَٰذِهِ الدُّنْيَا حَسَنَةٌ ۚ وَلَدَارُ الْآخِرَةِ خَيْرٌ ۚ وَلَنِعْمَ دَارُ الْمُتَّقِينَ

නුඹලාගේ පරමාධිපති පහළ කළේ කුමක්දැයි බිය හැඟීමෙන් යුතු ව කටයුතු කළවුන්ගෙන් විමසනු ලැබීය. යහපතය යැයි ඔවුහු පැවසූහ. දැහැමි දෑ කළවුනට මෙලොවෙහි යහපත ඇත. එමෙන්ම මතු ලොව උතුම්ය. බිය බැතිමතුන්ගේ නිවහන යහපත් විය.

තෆ්සීර්

තම පරමාධිපතිගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහුට බැතිමත් ව කටයුතු කරන්නන්ගෙන්, "නුඹලාගේ නබි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාට කවර කරුණක් නුඹලාගේ පරමාධිපති පහළ කළේ දැ?" යි විමසනු ලැබේ. ඔවුහු පිළිතුරු දෙමින් "අල්ලාහ් ඔහුට අති විශිෂ්ට යහපත පහළ කර ඇත" යැයි පවසති. අල්ලාහ්ට විධිමත් අයුරින් නැමදුම් කොට ඔහුගේ මැවීම් සමග අලංකාර අයුරින් ගනුදෙනු කළවුන් වනාහි, ඔවුනට මෙලොව ජීවිතයේ යහපත් තිළිණ ඇත. ඒ අතරින් උපකාරය හා පෝෂණ සම්පත්වල සමෘධිය ද වේ. මතුලොවෙහි අල්ලාහ් ඔවුනට සූදානම් කර ඇති තිළිණ මෙලොවෙහි ඔවුන් ඉක්මණින් පතන දෑට වඩා ඔවුනට යහපත්ය. අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් බැතිමතුන් ලෙස කටයුතු කළවුන්ගේ මතුලොව නිවහන යහපත්ම විය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න