සූරා 16 · ජුස් 14
An-Nahl · 16:28
الَّذِينَ تَتَوَفَّاهُمُ الْمَلَائِكَةُ ظَالِمِي أَنْفُسِهِمْ ۖ فَأَلْقَوُا السَّلَمَ مَا كُنَّا نَعْمَلُ مِنْ سُوءٍ ۚ بَلَىٰ إِنَّ اللَّهَ عَلِيمٌ بِمَا كُنْتُمْ تَعْمَلُونَ
ඔවුන් වනාහි ඔවුන් අපරාධ කරමින් සිටිය දී මලක්වරුන් ඔවුන් ව මරණයට පත් කරන අයයි. එවිට ඔවුන් යටහත්භාවය ඉදිරිපත් කොට අපි කිසිදු නපුරක් නොකළෙමු (යැයි පවසති.) එසේය නුඹලා කරමින් සිටි දෑ පිළිබඳ ව අල්ලාහ් සර්ව ඥානීය.
තෆ්සීර්
මලකුල් මව්ත් හෙවත් මරණයේ දූතයා හා මලක්වරුන්ගෙන් සමන්විත ඔහුගේ උදව්කරුවන් විසින් ඔවුන්ගේ ප්රාණ අත්පත් කර ගනු ලබන්නන් වනාහි, ඔවුහු අල්ලාහ් ව ප්රතික්ෂේප කරමින් අපරාධවල වෙළී සිටියෝය. ඔවුනට මරණය පහළ වූ කල්හි එයට යටහත් වූවෝය. ඔවුන් සිදුකරමින් ආ දේව ප්රතික්ෂේපය හා පාපකම් හෙළා දුටුවෝය. එසේ හෙළා දැකීම තමන්ට ප්රයෝජනවත් වනු ඇතැයි ඔවුහු සිතූහ. එවිට ඔවුනට මෙසේ පවසනු ලැබේ. "නුඹලා බොරු පවසා ඇත. පාපය ගැන දැන දැනම දේව ප්රතික්ෂේපකයින් ලෙස නුඹලා සිටියෙහුය. මෙලොවෙහි නුඹලා සිදු කරමින් සිටි දෑ පිළිබඳ සැබැවින්ම අල්ලාහ් සර්වඥානීය. ඔහුට කිසිවක් සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු නුඹලාට මතු ප්රතිඵල පිරිනමනු ඇත."
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න