සූරා 16 · ජුස් 14
An-Nahl · 16:23
لَا جَرَمَ أَنَّ اللَّهَ يَعْلَمُ مَا يُسِرُّونَ وَمَا يُعْلِنُونَ ۚ إِنَّهُ لَا يُحِبُّ الْمُسْتَكْبِرِينَ
(එහි) වරදක් නැත. ඔවුන් සඟවන දෑ ද ඔවුන් නිවේදනය කරන දෑ ද නියත වශයෙන්ම අල්ලාහ් දනී. නියත වශයෙන්ම ඔහු අහංකාරකම් පාන්නන් ප්රිය නොකරයි.
තෆ්සීර්
සැබෑ ලෙසින්ම ඔවුන් සඟවන ක්රියාවන් පිළිබඳ අල්ලාහ් දනී. එමෙන්ම ඔවුන් ඒවායින් හෙළි කරන දෑ ද ඔහු දනී. ඔහුට කිසිවක් සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත. සැබැවින්ම ශුද්ධවන්තයාණන් තමන්ට නැමදුම් කිරීමෙන් හා තමන්ට යටත් වීමෙන් අහංකාරකම් පාන්නන් ප්රිය නොකරයි. ඔවුන් ව දැඩි ලෙස පිළිකුල් කරයි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න