සූරා 14 · ජුස් 13
Ibrahim · 14:41
رَبَّنَا اغْفِرْ لِي وَلِوَالِدَيَّ وَلِلْمُؤْمِنِينَ يَوْمَ يَقُومُ الْحِسَابُ
අපගේ පරමාධිපතියාණනි, විනිශ්චය ක්රියාත්මක වන දිනයේ මාහට ද මාගේ දෙමාපියන්ට ද දේව විශ්වාසවන්තයින්ට ද සමාව දෙනු මැනව !
තෆ්සීර්
"මාගේ පරමාධිපතියාණනි! මාගේ පව්වලට මට සමාව දෙනු මැනව! මාගේ දෙමාපියන්ගේ පව්වලට ද සමාව දෙනු මැනව! (එතුමා එය ප්රකාශ කළේ එතුමාගේ පියා අල්ලාහ්ගේ සතුරෙකු බව දැන ගන්නට පෙරය. සැබැවින්ම ඔහු අල්ලාහ්ගේ සතුරෙකු බව දැනගත් කල්හි එතුමා එයින් ඉවත් වූහ.) මිනිසුන් විනිශ්චය සඳහා ඔහුගේ පරමාධිපති අබියස නැගී සිටින දිනයේ දේව විශ්වාසීන්ගේ පව්වලටත් ඔබ සමාව දෙනු මැනව!"
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න