සූරා 14 · ජුස් 13
Ibrahim · 14:19
أَلَمْ تَرَ أَنَّ اللَّهَ خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ بِالْحَقِّ ۚ إِنْ يَشَأْ يُذْهِبْكُمْ وَيَأْتِ بِخَلْقٍ جَدِيدٍ
නියත වශයෙන්ම අල්ලාහ් අහස් හා මහපොළොව සත්යයෙන් යුතු ව මැවු බව නුඹ නුදුටුවෙහි ද? ඔහු අභිමත කරන්නේ නම් නුඹලා ව ඉවත් කොට නව මැවීමක් ගෙන එනු ඇත.
තෆ්සීර්
අහෝ මිනිස! සැබැවින්ම අල්ලාහ් සත්යයෙන් යුතු ව අහස් මැවූ බවත් මහපොළොව මැවූ බවත් ඔබ නොදන්නෙහි ද? ඒ දෙක ඔහු නිකරුණේ මවා නැත. අහෝ ජනයිනි! නුඹලා ව පහකොට, නුඹලා වෙනුවට ඔහුට නමදින, ඔහුට අවනත වන තවත් මැවීමක් ගෙන එන්නට ඔහු අභිමත කරන්නේ නම්, නුඹලා ව පහ කොට ඔහුට නමදින හා අවනත වන තවත් මැවීමක් ගෙන එනු ඇත. එය ඔහුට පහසු මෙන්ම සුළු කාර්යයකි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න