සූරා 14 · ජුස් 13
Ibrahim · 14:18
مَثَلُ الَّذِينَ كَفَرُوا بِرَبِّهِمْ ۖ أَعْمَالُهُمْ كَرَمَادٍ اشْتَدَّتْ بِهِ الرِّيحُ فِي يَوْمٍ عَاصِفٍ ۖ لَا يَقْدِرُونَ مِمَّا كَسَبُوا عَلَىٰ شَيْءٍ ۚ ذَٰلِكَ هُوَ الضَّلَالُ الْبَعِيدُ
තම පරමාධිපති ව ප්රතික්ෂේප කළවුන්ගේ උපමාව ඔවුන්ගේ ක්රියාවන් චණ්ඩ මාරුතයක් සහිත දිනක දී සුළඟ දැඩි ලෙස හසුකර ගත් අළු බඳුය. ඔවුන් ඉපැයූ දැයින් කිසිවක් මත ඔවුහු ශක්තිය නොදරති. එය අන්ත මුළාවක්මය.
තෆ්සීර්
දුබලයින් හට දානමාන කිරීම, උපකාර කිරීම හා කරුණාව දැක්වීම යනාදී ලෙස දේව ප්රතික්ෂේපකයින් විසින් ඉදිරිපත් කරන යහපත් ක්රියාවන්ට උපමාව සුළඟ දැඩි ලෙස හමන චන්ඩමාරුතයක් පවතින දිනක සුළගේ දැඩි භාවය හේතුවෙන් එය බලවත් ලෙස උසුලාගෙන ගොස් කිසිදු සළකුණක් ඉතිරි නොවන සේ සෑම තැනකම විසුරුවා හරින ලද අළු බඳුය. දේව ප්රතික්ෂේපකයින්ගේ ක්රියාවන් ද එලෙසය. දේව ප්රතික්ෂේපය ඒවා හමා යන්නට සලස්වයි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඒවා අයත් උදවියට ඒවායින් කිසිදු පලක් ඇති වන්නේ නැත. එය දේව විශ්වාසය මත පදනම් නොවූ ක්රියාවකි. සත්ය මාර්ගයෙන් දුරස් වූ නොමඟ යෑමකි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න