සූරා 14 · ජුස් 13
Ibrahim · 14:14
وَلَنُسْكِنَنَّكُمُ الْأَرْضَ مِنْ بَعْدِهِمْ ۚ ذَٰلِكَ لِمَنْ خَافَ مَقَامِي وَخَافَ وَعِيدِ
තවද ඔවුන්ගෙන් පසු ව අපි නුඹලා ව එම ප්රදේශයේ පදිංචි කරවන්නෙමු. එය මා ඉදිරියේ (විනිශ්චය සඳහා) සිට ගැනීමට බිය වන්නන් හා මාගේ අවවාදයට බිය වන්නන් හටය.
තෆ්සීර්
අහෝ දූතවරුනි, ඔවුන් විනාශ කිරීමෙන් පසුව නුඹලා හා නුඹලාව අනුගමනය කළවුන් අපි එම භූමියේ පදිංචි කරවන්නෙමු. බොරුකාර දේව ප්රතික්ෂේපකයින් විනාශ කිරීම, ඔවුන්ගේ විනාශයෙන් පසු ව ඔවුන්ගේ දූතවරුන් හා දේව විශ්වාසීන් එම භූමියේ පදිංචි කරවීම යනාදී වශයෙන් සඳහන් කළ එම කරුණු මාගේ ශ්රේෂ්ඨත්වය සහ ඔහු කෙරෙහි මා සෝදිසියෙන් සිටින අය හා වධහිංසා ගැන මාගේ අනතුරු ඇඟවීමට බිය වන අය සතු වේ.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න