සූරා 14 · ජුස් 13
Ibrahim · 14:13
وَقَالَ الَّذِينَ كَفَرُوا لِرُسُلِهِمْ لَنُخْرِجَنَّكُمْ مِنْ أَرْضِنَا أَوْ لَتَعُودُنَّ فِي مِلَّتِنَا ۖ فَأَوْحَىٰ إِلَيْهِمْ رَبُّهُمْ لَنُهْلِكَنَّ الظَّالِمِينَ
සැබැවින්ම අපි නුඹලා ව අපගේ ප්රදේශයෙන් පිටුවහල් කරන්නෙමු. එසේ නැතහොත් නුඹලා අපගේ පිළිවෙත තුළට නැවත පැමිණිය යුතුය යැයි ප්රතික්ෂේප කළවුන් ඔවුන්ගේ රසූල්වරුන්ට පැවසූහ. එහෙයින් ඔවුන්ගේ පරමාධිපති සැබැවින්ම අපි අපාරධකරුවන් විනාශ කරන්නෙමු යැයි ඔවුනට දන්වා සිටියේය.
තෆ්සීර්
එම රසූල්වරුන්ගේ ජන සමූහයන් අතර සිටි ප්රතික්ෂේප කළවුන් ඔවුන්ගේ දූතවරුන් සමග වාද කිරීමෙන් අසමත් වූ කල්හි, "සැබැවින්ම අපි නුඹලා ව අපගේ ගම්මානයෙන් පිටුවහල් කරන්නෙමු. එසේ නැතහොත් නුඹලාගේ දහම අතහැර අපගේ දහමට නුඹලා නැවත හැරෙනු." යැයි පැවසූහ. එවිට එම දූතවරුන් ස්ථාවර කරමින්, "අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ප්රතික්ෂේප කළ අපරාධකරුවන් සැබැවින්ම අපි විනාශ කරන්නෙමු" යැයි අල්ලාහ් ඔවුනට දේව පණිවිඩ දන්වා සිටියේය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න