සූරා 12 · ජුස් 13

Yusuf · 12:91

قَالُوا تَاللَّهِ لَقَدْ آثَرَكَ اللَّهُ عَلَيْنَا وَإِنْ كُنَّا لَخَاطِئِينَ

අල්ලාහ් මත දිවුරමු. අල්ලාහ් අපට වඩා ඔබ ව උසස් කළේය. තවද නියත වශයෙන්ම අපි වැරදි කරන්නන් වීමු යැයි ඔවුහු පැවසුවෝය.

තෆ්සීර්

ඔහුගේ සහෝදරයෝ ඔහුට ඔවුන් සිදු කළ දෑ ගැන නිදහසට කරුණු දක්වමින් මෙසේ පැවසීය. "අල්ලාහ් මත දිවුරා පවසමු. පූර්ණ ගුණාංග අල්ලාහ් නුඹට ලබා දීමෙන් අපට වඩා ඔහු ඔබට ආශිර්වාද කර ඇත. ඔබට අප සිදු කළ දෑහි අපි නපුරු අපාරධකාරියන් වූයෙමු." යැයි පැවසූහ.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න