සූරා 12 · ජුස් 13
Yusuf · 12:90
قَالُوا أَإِنَّكَ لَأَنْتَ يُوسُفُ ۖ قَالَ أَنَا يُوسُفُ وَهَٰذَا أَخِي ۖ قَدْ مَنَّ اللَّهُ عَلَيْنَا ۖ إِنَّهُ مَنْ يَتَّقِ وَيَصْبِرْ فَإِنَّ اللَّهَ لَا يُضِيعُ أَجْرَ الْمُحْسِنِينَ
සැබැවින්ම ඔබ ද යූසුෆ් ? යැයි ඔවුහු විමසුවෝය. මම යූසුෆ්, මේ මාගේ සහෝදරයාය. අල්ලාහ් අප වෙත ආශිර්වාද කළේය. නියත වශයෙන්ම කරුණ නම් කවරෙකු අල්ලාහ්ට බිය බැතිමත් වී ඉවසීමෙන් කටයුතු කරන්නේ ද නියත වශයෙන්ම අල්ලාහ් දැහැමියන්ගේ කුලිය නිෂ්ඵල නොකරනු ඇතැයි ඔහු පැවසුවේය.
තෆ්සීර්
ඔවුන් තිගැස්සී ගොස් "සැබැවින්ම ඔබ ද යූසුෆ්?" යැයි විමසා සිටියහ. යූසුෆ් තුමා ඔවුනට, "එසේය, මමයි යූසුෆ්. මා සමග නුඹලා දකින මොහු මාගේ එක කුස උපන් සහෝදරයාය. අප කවර විෂයක සිටියේ ද ඉන් මුදවා අපගේ ඉරණම උසස් කරමින් අප වෙත අල්ලාහ් ආශිර්වාද කර ඇත. සැබැවින්ම කවරෙකු අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහු පිළිබඳ සවිඥානකත්වයෙන් කටයුතු කර දුෂ්කරතා මත ඉවසා කටයුතු කරන්නේද සැබැවින්ම ඔහුගේ ක්රියාව දැහැමි වේ. දැහැමියන්ගේ ප්රතිඵල අල්ලාහ් නිශ්ඵල කරන්නේ නැත. ඔහු එය ඔවුන් වෙනුවෙන් ආරක්ෂා කර තබනු ඇත." යැයි පැවසීය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න