සූරා 12 · ජුස් 13
Yusuf · 12:68
وَلَمَّا دَخَلُوا مِنْ حَيْثُ أَمَرَهُمْ أَبُوهُمْ مَا كَانَ يُغْنِي عَنْهُمْ مِنَ اللَّهِ مِنْ شَيْءٍ إِلَّا حَاجَةً فِي نَفْسِ يَعْقُوبَ قَضَاهَا ۚ وَإِنَّهُ لَذُو عِلْمٍ لِمَا عَلَّمْنَاهُ وَلَٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ
තවද ඔවුන්ගේ පියා ඔවුනට අණ කළ පරිදි ඔවුන් ඇතුළු වූ කල්හි යඃකූබ්ගේ මනස තුළ තිබූ අභිලාෂය ඉටු වීම මිස වෙනත් කිසිවක් අල්ලාහ්ගෙන් ඔවුනට ප්රයෝජනය ගෙන දෙන්නක් නොවීය. නියත වශයෙන්ම අපි ඔහුට ඉගැන් වූ දෑ පිළිබඳ ව ඔහු දැනුමැත්තෙකි. එනමුත් ජනයා අතුරින් බහුතරයක් දෙනා (ඒ බව) නොදනිති.
තෆ්සීර්
පසු ව යූසුෆ්ගේ එක කුස උපන් සහෝදරයා සමග ඔවුහු ගමන් ගත්හ. ඔවුන්ගේ පියාණන් ඔවුනට නියෝග කළ පරිදි විවිධ දොරටුවලින් ඔවුහු ඇතුළු වූ කල්හි, ඔවුන් වෙත වූ අල්ලාහ්ගේ නියමය අනුව ඔවුන් විවිධ දොරටුවලින් ඇතුලු වීමෙන් කිසිවක් ඔවුන් වැළැක්වූයේ නැත. සැබැවින්ම එය තම දරුවන් කෙරෙහි යඃකූබ්ගේ සෙනෙහස හෙළි කරන්නක් විය. ඔහු ඔවුනට අවසාන වශයෙන් උපදෙස් දුන්හ. අල්ලාහ්ගේ තීන්දුව හැර වෙනත් තීන්දුවක් නොමැති බව ඔහු දැන සිටියේය. එමෙන්ම අපි ඔහුට ඉගැන් වූ දේව නියමය පිළිබඳ විශ්වාසය හා හේතු සාධක පිළිබඳ බුද්ධිය යනාදිය පිළිබඳ දැනුමැත්තෙකු විය. නමුත් ජනයා අතර බහුතරයක් දෙනා ඒ ගැන නොදනිති.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න