සූරා 12 · ජුස් 13
Yusuf · 12:67
وَقَالَ يَا بَنِيَّ لَا تَدْخُلُوا مِنْ بَابٍ وَاحِدٍ وَادْخُلُوا مِنْ أَبْوَابٍ مُتَفَرِّقَةٍ ۖ وَمَا أُغْنِي عَنْكُمْ مِنَ اللَّهِ مِنْ شَيْءٍ ۖ إِنِ الْحُكْمُ إِلَّا لِلَّهِ ۖ عَلَيْهِ تَوَكَّلْتُ ۖ وَعَلَيْهِ فَلْيَتَوَكَّلِ الْمُتَوَكِّلُونَ
මාගේ දරුවනි, නුඹලා එකම දොරටුවකින් ඇතුළු නොවනු. විවිධ දොරටු වලින් ඇතුළු වනු. අල්ලාහ්ගෙන් වූ කිසිවකින් නුඹලා සඳහා කිසිදු ඵලක් මා විසින් ලබා දිය නොහැක. තීන්දුව අල්ලාහ් සතු ව මිස නැත. ඔහු වෙත මම භාර කළෙමි. තවද භාර කරන්නන් ද ඔහු වෙතම භාර කළ යුතුය.
තෆ්සීර්
ඔවුන්ගේ පියාණන් ඔවුනට උපදෙස් දෙමින්, "නුඹලා මිසර දේශයට එකම දොරටුවකින් එකට නොපිවිසෙනු. වෙන් වෙන් දොරටුවලින් වෙන වෙනම ඇතුළු වනු. එවිට කිසිවකු විසින් නුඹලා සියල්ලන්හට පොදුවේ කිසියම් උවදුරක් ඇති කිරීමට එරෙහිව එම උපාය මාර්ගය වඩා සුරක්ෂිතය. නමුත් නුඹලාට යම් උවදුරක් අල්ලාහ් අපේක්ෂා කළේ නම් එයින් මා නුඹලා වැළැක්වීම සඳහා මෙය නුඹලාට නොපවසමි. අල්ලාහ් අපේක්ෂා නොකළ යහපතක් මා විසින් නුඹලාට ගෙන දිය නොහැක. තීන්දුව නම් අල්ලාහ්ගේ තීන්දුව මිස වෙනත් තීන්දුවක් නැත. නියමය නම් ඔහුගේ නියමය මිස වෙනත් නියමයක් නැත. මාගේ සියලුම කටයුතු වලදී මා සියල්ල පවරනුයේ ඔහු වෙත පමණි. එහෙයින් භාර කරන්නන් ඔවුන්ගේ සියලු කටයුතු ඔහු කෙරෙහී පමණක් භාරකරත්වා!" යැයි කීවේය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න