සූරා 12 · ජුස් 12

Yusuf · 12:6

وَكَذَٰلِكَ يَجْتَبِيكَ رَبُّكَ وَيُعَلِّمُكَ مِنْ تَأْوِيلِ الْأَحَادِيثِ وَيُتِمُّ نِعْمَتَهُ عَلَيْكَ وَعَلَىٰ آلِ يَعْقُوبَ كَمَا أَتَمَّهَا عَلَىٰ أَبَوَيْكَ مِنْ قَبْلُ إِبْرَاهِيمَ وَإِسْحَاقَ ۚ إِنَّ رَبَّكَ عَلِيمٌ حَكِيمٌ

එලෙසය නුඹගේ පරමාධිපති නුඹ ව තෝරා ගෙන ඇත්තේ. තවද සිදුවීම් වල යථාර්ථය නුඹට ඔහු උගන්වනු ඇත. තවද මීට පෙර නුඹගේ පියවරුන් දෙපළ වන ඉබ්‍රාහීම් හා ඉස්හාක්ට ඔහු එය පූර්ණවත් කළාක් මෙන් නුඹ වෙතත් යඃකූබ්ගේ පරපුර වෙතත් එය පූර්ණවත් කරනු ඇත. නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති සර්ව ඥානීය. සියුම් ඥානය ඇත්තාය.

තෆ්සීර්

අහෝ යූසුෆ්! නුඹ එම සිහිනය දුටුවාක් මෙන් නුඹේ පරමාධිපති නුඹ ව තෝරා ගෙන සිහිනවලට පලාඵල කීමේ දැනුම නුඹට ඔහු උගන්වනු ඇත. නුඹට පෙර සිටි නුඹේ පියවරුන් දෙපොළක් වන ඉබ්රාහීම් හා ඉස්හාක්ට ඔහුගේ ආශිර්වාදය පූර්ණ කළාක් මෙන්ම නුඹ වෙත ද දූත මෙහෙයේ ආශිර්වාදය ඔහු පූර්ණ කරනු ඇත. සැබැවින්ම නුඹේ පරමාධිපති ඔහුගේ මැවීම් පිළිබඳ මැනවින් දන්නාය. ඒවා සැළසුම් කිරීමෙහි ඔහු මහා ප්රඥාවන්තය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න